Friday, January 1, 2016

25 නියඟය


බිං නැඟුමකට දිය මදි වුණ
කැකුළමට දිය වැඩි වුණ
වියැට ගෙඩි කනු කැපෙන තුරු හූල්ලන
කවදාක ළ පෙති පා නැඟෙන්නද

කොක්මොට ගිරා පලා හිනැහෙන
ගොයමක පහස නොලැබුණ
පුරන් කෙත හීයක රටා නොදුටුව
රජසුන ගොවිඳුගෙන් උදුරගෙන
සෝදා රජවෙන්ට මඩ නොදී

තන පතක රස නොදුටු දිව
දිරා ගිය පිදුරෙන් තුටුවන
ළගින්නට නිවන්නට පුපුරණ පිට සම
දිය කඳුරකුත් නොදුටුව

බුදින අහරට නැතිව ණය
නිවන්නට ගොවි හිමි හිත් පෙත
විය ගසක බර නොදැනුන
ගෙල ගැන හිතන දුක්වන ගව රැළ
සිස් ගෙල අත වැදී මුකුලිත
ළඳක ගේ සිත වැනිය

බිස්සේ අඩිය මතු වුණ
එබෙනු කුමටද
කේඩෑරි ඇඟපතින් දිස් වෙන
බත ඉදුණු ලිග්ගල් මත
කැඳ හැලියකිය ගොජ ලන

රජ වෙන්න නොවෙයි වැසි දිය යැදුම
මඩ කරන්නට කුඹුර
ගොවිකම ම කර රැකෙන්නට!

No comments:

Post a Comment