Monday, December 21, 2015

04 නොගැයූ කොවුල් ගීතය


බක් මහේ දොරකඩ
මහ මැදින් මස පෑලවිය
රතුම රතු මල් එරබොදු අතු අග
කොවුල් හඬ හා මුසුව
මුමුණන
ගීය
උදාවන අවුරුදු ගැනද?
එහෙනම් කිමද එහි
දුක් සර?

අතීතේ බොහෝ දුර දවසක
කණාටු එරබොදු අතු අග
තැවරුණු කඳුළු බිඳු
මල් පෙති වල රත ගෙන
විසිරුණු විලාපය
කොවුල් ගී සරෙහි තැවරුණ

පරවුණු මල් ගැනය
ඒ දුක් ගීත ගායන
උපදින මල් කැකුළු
දත යුතුය බෝ කාරණ
කොවුලෝ කියා දෙනු උන් හට
එරබොදු මලක ලියැවුණු
සැම දෙයම
අතීතේ රණ බිමක
පැතුම් සහගත හඬ මෙන්ම
තැබූ බර අඩි ගැන
අවංක වු සිතින් මුත්
වැරදුණු බොහෝ තැන ගැනද

මලක මහ අසිරිය
මොහොතකින් නිම කළ දෙයක් නොව
මහ පොළෝ ගැබ තුළ සැඟවුණු
පරිණාමයේ සලකුණ
අවසානයක් නොවේ එය
ඇරඹුමක් පමණය
ඵලයක

No comments:

Post a Comment