විදුලියක් ලෙසින් නුඹ
අඳුර විනිවිද බලා
හොරු රැගෙන ගිය පුතා
හොයනවද අම්මේ
කුණාටුව ලෙසින් නුඹ
අතු පතර අඹරවා
පුතු නමින් හද සුසුම්
හෙළනවද අම්මේ
වරුසාව ලෙසින් නුඹ
අහස පෑරී වැටෙන
දරු දුකට නෙත කඳුළු
හෙළනවද අම්මේ
( 1988/89 )
( පසු කලෙක මෙය වින්දක වීරසිංහ ගේ සංගීතයෙන් ගීතයක් බවට පත්විය. )
No comments:
Post a Comment