කඳුවැටිය සේ වැති ගත්
සැතපෙනා සොල්දාදුවාණනි අවදිවන්
ඌව වෙල්ලස්සට හොරු ඇවිත්!
ඉතිහාසයක් පුරා
පණපෙවූ මහ පොළොව
සිහසුන කරගත් ගොවි රජුන්
සුසුම්ලයි
මරණයේ බිම් කඩ ඉකිබිඳී
සැතපෙනා සොල්දාදුවාණනි අවදිවන්
ඌව වෙල්ලස්සට හොරු ඇවිත්!
ශත වර්ෂ කාලයක් නොකඩවා
රත්තරන් බිජු ඇට ම බිහි කෙරුව
තෙක් යාය වසාගෙන
වෙල්ලස්ස සරු පොළොවේ දලු දැමූ
උක් දණ්ඩෙ උක් පැනිය ලේ රසයි!
මිනිස්කම යට කරන්
කුරිරු බුල්ඩෝසර යකුන් සැරිසරයි
අපේ කම කැබලි වෙයි
දේශයේ මිනිසුනේ
ඇස්පනා පිට ම මේ පෙනි පෙනී
සිහනයක් වගේමයි
ඌව වෙල්ලස්සට හොරු ඇවිත්!
( සැතපෙනා සොල්දාදුවාගේ කන්ද නමින් ප්‍රසිද්ධ කඳුවැටියක් ඌව පළාතේ වෙයි.)
No comments:
Post a Comment