සප්ත කඳු තරණ කරලා
සත් කතර උඩින් පැනලා
සත් මුහුදු යතුරු කරලා
යක්ෂයෝ ඇවිත්
ගුවන් නැව් බඳේ නැගිලා
බෝට්ටුවෙ නැවේ සැඟවී
සෘද්ධියෙන් උඩින් පියඹා
භූතයෝ ඇවිත්
ජාතියේ මහා වෘක්ෂය
අරා අතු ඉතිත් හූරන
දස දෙසින් හොරෙන් පැනගෙන
ප්‍රේතයෝ ඇවිත්
වෙස් අරන් පිළිල විලසේ
මුල් දුවයි උන්ට රිසි සේ
වැඩෙයි උරාගෙන සාරය
නැතිව විරෝදේ
එකල මල් පිපී සුවඳේ
ඵල දරා රුවන් නෙළුවේ
එ මව් රුක මරා බිජු ගෙන
එතෙර යවමිනේ
දතත් මහ එවුන් කාරණ
නැතේ ඉදිවෙලා බාධක
එ මතු නොව කිරිත් පොවමින්
වඩත් සර්පයින්
දෂ්ඨ කර කරා සිත් සේ
මරත් දූ පුතුන් දේසේ
සොයන්නෙත් විදෙස් ඖෂධ
සරණ විලසිනේ
අනේ මම් ඉතින් මහළුයි
දෙස බසත් රැසත් දිරලා
පිපේවිද හෙටත් හිරු මල
කියන් දූ පුතේ
No comments:
Post a Comment