දෑස් කුහරයෙන් පැන ගලා යන
කිමද ඔය කොපුල් තල තෙමා ලන
කදුළු බිඳු
හා! ඉතින් පිස ගන්න
පිපි පිපී මල් සුවඳ ගලා යන
නෙළන්නට සිඹින්නට වාරණ
කුරා කුහුඹුවන් සේ දිව යනෙන
ඒ තමයි ඉතින් අප ජීවිතය
දැවී කකියන පොළව ඉරිතලන
මුවහතත් හති වැටී මොට වුණ
නගුලද උදැල්ලද මහලු වුණ
යකඩ ගජසෙන් අපට සිනාසෙන
අව් කූටකේ ඔහොම තමයි ඔය
රන් බංඩෙ,
එය නුඹට නුහුරු කිම
හුරුයි නොවැ ඔය කටුක දූවිල්ල
කඳුළු ලා සුසුම් ලා කුමන ඵල
මඩ දූලි දොවා මෙහෙ දිව එන්න
සිහසුනයි කමත එහි රොක් වෙන්න
තබන්නට මුවහත උදළු තල
රන් බංඩෙ,
එන හුළඟ එන්නෙ පොඩි
හීතලක් තුරුළු කර
ඈත කඳු මිටියාවතින් මෝදු වන
ඉතින් ඒ අඳුර ගැන නොතැවෙන්න
වහින්නෙත් අපට හෙට
ඉරා ඒ අඳුරු පට!
මේ ගොවි ගීතය අපේ වියළි කලාපයට වුව කර්ගීසියානු අයිලයක චිංගීස් අයිත්මාතව් ගේ පොතක හමුවන ගොවි ගීයකට වුව පොදුය.
ReplyDelete