මඟුරු ඔය අසබඩ
අපුල දනවන
කුණු කිලි පිළි අපුල්ලන
නැගෙණිය
කඳ බඩ මිසක හිස නැති
ජරා මස් පර්වත
වසා හැඩ ගන්වන
කහ වැකුණු පිරුවට
සුදෝ සුදු නුඹෙ අතින් පේවෙන
නුඹෙ අතින් ඔප වුණ
සුදු පිරුවට ම හැඳගෙන
උදනැක්කෙ සැරිසරන
මහතුන් ඇසට නොගැටෙන්
පිය දසුනක් නොවේ නුඹ
කප් කලක් කළ පින් ඇති
ඒ පින් කළත් ඵල නැති
පව්ම කළ මහතුන් ළඟ
නුඹ හැමදාම පරදින
ඒ පරසිද්ද මහතුන්
පව් කළත් රහසින
පුර දනෝ නොදනිත්
ගරු බුහුමණින් පසසත්
දැවෙනා සිඟිති හදවත
තරහ වදනක් නොමැත පිට කර
දත් මිටි සපා කා ගෙන
ගසා ගල මතුපිටෙහි රෙදි ටික
අපුල්ලයි නුඹ
No comments:
Post a Comment