අරුමෝසම් ප්‍රේම අසපුවේ
දුර්ග ගිරි ලෙනේ
වැළපෙනා කුමරි බඹසර
කඳුළු සලමිනේ
කඳුළු හෙළ කන්ද පාමුළ
නීල දිය විලේ
මෑණියන් පෙවූ කිරි කළ
හතයි වැළපුනේ
ශ්‍රම පුදා වෙළඳ පුරවර
පින් ලබා ගනිමිනේ
අනුනගේ ගිණුම් තරකර
සොච්චමක් ලබමිනේ
සෙනසුරා බින්න බැස ගෙයි
යව්වනේ ගෙවමිනේ
අත කරත් කණත් පාළුයි
රන් පටක් නොදිළුනේ
රීරි මස් දිදී මැසිමට
ගතම දියවුණේ
ලොව නිදන කණිසමේ
නැඟණිට දවස එළි වුණේ
පව් කඳට අසිරි ලැබෙනා
දෙවිඳුගේ අඩවියේ
මොණර කොළේ සුදිලී
තඹ පඬුර පැරදුනේ
මනමාල ඇඳුම් පැළඳුම්
තැලි පිලී මාල සත්පට
රස සිහින මවමිනේ
වැළපෙනා කුමරි බඹසර
කඳුළු සලමිනේ
No comments:
Post a Comment