ගල් ලෙන බිඳ ලෙන් දොර හැර
පළා ගියද මපුත් කුමර
හද පෑරෙන සොවින් වුවද
නොකියමි මම නොයන ලෙසට
මව් බිසවද නැගණියන් ද
නොමැති අඳුරු ගල් ලෙන තුළ
මරණයෙ සීතල පාළුව
මළ සොහොනක භීතිය ඇත
එසේ වුවද පෙම්බර පුත
නොකියමි මම නොයන ලෙසට
රන්වන් රන් උදා ඉරක් ඇති බව කියනා
වනන්තරෙන් එහා ලොවක් නුඹ හට උරුමා
වනන්තරේ ජීවිතයයි මා ලද සරණා
එනමුදු නුඹ සෙවිය යුතුය නව ලොව අරුමා
ගල් ලෙන බිඳ ලෙන් දොර හැර
පළා යන්න අරණ නොඉඳ
නුඹට උරුම මා නොදකින
ලොවක් වෙතේ ඈත එපිට
දනිමි මපුත හැඳිනිමි නුඹ
හැඳිනිමි නුඹ දනිමි මපුත
හද පෑරෙන සොවින් වුවද
නොකියමි මම නොයන ලෙසට
No comments:
Post a Comment