අන් බඳුනක් අත නොවී
දෝතට එකතු කළ
නෙතු උල්පතින් පිළිපන්
සෙනෙහසයි මේ එ දවස
චණ්ඩ හිරු තාප පරදන
ශීඝ්‍රතාවයෙන් වගුරන
වාෂ්පීකරණය මද වී
අත් බඳුන ඉඩ ඇහිරුණ
අතැඟිලි අගින් රූටා
බිම බදා වැළපෙන
කලාතුරකින් නුඹ විත්
රසායන සංයුතිය විමසන
සෝඩියම් ක්ලෝරයිඩ්
වැඩි පුරම ඇල් ජලය
තව තවත් මා නොදත් බොහෝ දේ
නැණවත් නුඹෙ මුවින් ගිලිහෙන
පෘෂ්ඨයේ ආතතිය
සාපේක්ෂ ඝනත්වය
දුස්ස්‍රාවිතා සංගුණකය
අරක....මේක....
මට නුහුරු නුපුරුදු
අමුතු වචනයෙන් දක්වන
නුඹ නමින් හද ඉපදුණ
නෙතු උල්පතින් වැගිරෙන
නුඹ කොයිම කවර කවදාකවත්
තෙතමනය ගැන නොසෙවූ
සෙනෙහසයි මේ එදවස
No comments:
Post a Comment