සද්දන්ත පරපුරට අධිපති
සිරිලක් දනට හිත ඇති
හස්ති සෙල් පුර මැද
මහ බිම් කඩක වැදහෝමි
වනේ කුරු ඇත් රළ
බෝසත් පුවත සිහි කර
රුදුරු ගිනි දඬු අසල
අඩදැනිව දළ පුදති
පුරා සත සහස් කල්
සුලි සුළං මේ කුළු අකුණු
ඉවසා වදාරා
මේ සියල් අව නඩු බලා
මෙත් සිත්ම වඩලා
සත් වගට පතුරා
හස්ති සෙල් පුරවරට
අබිමනත් පුදලා
අඟෙහි වැද අඟම කන
නැගි අතු රිකිල්ලම වනසන
නොදත් දන කෘත ගුණ
හස්ති පර්වත කැබැළි කර කර
ගලේ බණ්ඩාර දෙවි
වසනා දෙවොළ එළිපත
හාරන යවුල් හා යතුඩු
සිදුරු පුරවා වෙඩිද පුපුරා
සෙවණ දෙන සෙල් පුරවර
කඩා මුදලට හුවමාරු කර
සිවු පාදයනේ එකක
දැනටමත් අඩක් නැත
කුරුණෑගක කච්චේරිය අසලත්, කුරුණෑගල ඉම්පීරියල් සිනමා හළ අසලත්, හස්ථියාගේ දකුණු පස දෙපා සේ පෙනෙන ස්ථානයි. එකල මේ අතරේ කළුගල් කැඩීමක් සිදු විය. මේ ඒ ගැන එකල ලියූ කවකි. පසු කලෙක එය නැවතින.)

No comments:
Post a Comment