පෙම්බරාණනේ කොයි වෙද
එදා අප වින්ද සිසිලස
දුටවෙ නෑ වසර ගණනක්
උද හිරි පිපෙනු අහසින
එපා පෙළන්නට මා හද
මා ප්‍රියේ කිසිත් නොදනිම්
උයන් තුරු පහස උදුරා
මේ සිපිරි ගෙයට ලූ බව
පෙම්බරාණනේ කෙදිනද
දකින්නේ වනේ අසිරිය
පුර දනෝ සරණ මේ ඉම
පෙම් දෙලෙන් සිටිනු කෙලෙසින
මම් කෙසේ කියන් පිලිතුරු
ප්‍රියේ අසරණයි මා හද
අනේ මහතුනේ කවදා
අපේ පෙම මදා හරිනුද ?
ඉසුරුමුණි විහාරය අසල ඉදිකොට ඇති කෞතුකාගාර ගොඩනැඟිල්ලක විදුලි එළි මැද සිරව ළතැවෙන සුප්‍රසිද්ධ ඉසුරුමුණි පෙම් යුවල එදා සිටියේ විහාරයට නුදුරු උයන් තුරු වලුලේ ය.
මෙම කවිය පසුව යම් වෙනස් කම් සහිතව ගීත රචනයක් බවට පත් විය. එය නවරත්න ගමගේ ගේ සංගීතයට ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද නිර්මලා රණතුංග විසින් ගයනු ලැබීය.
මේ කෞතුකාගාර ගොඩනැගිල්ලක් තුළ සිරකළ ආදරයක ගීතයයි.
සොඳුරු වත මිලින කිම අද කියන් කාරණා
පෙම්බරිය, මමයි නුඹෙ හද දිනූ පෙම්බරා
ඉසුරුමුණි ගලම කඳුළින් තෙමී නැහැවෙනා
කාරණා කියන් නුඹෙ හද දවා පාරනා...
අඳුරු බිම ගලන දොම්නස හදේ මෝරනා
පෙම්බරිය, මමයි නුඹෙ හද පෙමට යාවෙනා.
පෙම්බරාණනේ කොයිවෙද වින්ද සිසිලස
දුටුවෙ නෑ වසර ගණන් උදා හිරුත් නැගෙනු අහසින
එපා පෙළන්නට මා හද - මා ප්‍රියේ කිසිත් නොදනිම්
උයන් තුරු පහස උදුරා මේ සිපිරිගෙයට ලූ පව....
කියන්නේ කෙසේ පිලිතුරු කඳුළු කාරණා
රන්මසු උයන් වැවු තෙර උපන් ප්‍රේමය මුදා දෙන්නේ කෙදිනදෝ.....
සුපෙම්බරාණනි කෙදිනද විඳින්නේ වනේ අසිරිය
පුර දනෝ සරණ මේ ඉම පෙම් දෙලෙන් බැඳෙනු කෙලෙසින...
පද: යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර : නවරත්න ගමගේ
හඬ: වික්ටර් රත්නායක / නිර්මලා රනතුංග
( කිඳුරු ගීතය සංයුක්ත තැටිය - යසනාත් ධම්මික බණ්ඩාර ගී සිත්තම් 16 )
"සොඳුරු වත මිලින කිම අද" ගීතය මෙතනින් අසන්න.
https://youtu.be/tsQfcZ-28lg
No comments:
Post a Comment