බසවක්කුලම දිය කඳ
සඟවා බොහෝ වෙහෙසින
සුරකින රහස් ගැබ තුළ
මතුවන නැකත කෙදිනද
දෙමෝසම් වැසි දිය වට
උර දී රකින මෙ රහස්
කෝප වී ගෙන හිරු මල
දැවී ඇවිලී
වෙහෙස වෙයි මතුකරනට
ගම්බිම් උකස් කර
ගැමියන ට දී දුක ම පිරිපත
ආ මං වෙනස් කර
ඇදෙයි මහවැලි දියවර
රහස් බිම ගැඹුරු කරමින
මේ රකින රහස් ගැබ තුළ
මහ වේලි කඳු පවා නොදනී
දීප වංසේ චූල වංසේ
ලියූ මහ රජ පවුල් වණ්නම්
නොවේවිද මහ මුසාවාදය
ඇසිල්ලේ මතු වුණොත් එ රහස්
මහා වැඩ බිම්
දහස් මිනිසුන්
හෙළූ රන් වෙර වීරියේ ඵල
සැඟව ඇති බව රහස් ගැබ තුළ
නොකියාද මතු වූ දිනක එය
රුවන් වැලි සෑ කොත් කැරළි හිස
බලා මේ අවනඩුව කප් කල්
වැටී දිය රැළි මතට පිළිබිඹු
සොයන්නට සැරසේද එ රහස්
තවත් මුනිවත රකිනු නොහැකිව
පැලී හද ගැබ
No comments:
Post a Comment