සිප් කිරෙන් නිවා සිප් සා
දුන් ඔවා දෙනෙත පහදා
ගුත්තිළුන් ගෙපැල දුක පා
මූසිළුන් මහා මන්දීරේ
වෙණ වයත තරග කරලා
සක් දෙවිත් නොමැත නෙත පා
සිඳද තත් නැතිව පිහිටා
අදුරු වෙණ නිහඬවීලා
හැදු සිසුන් ලබන පැසසුම්
සැනසුමයි තොසේ ඇදුරන්
මෙවන් වූ වැඩූ සිසුවන්
අසරණේ කිම්ද ඇදුරන්
මන්දිරේ සඳළුතලයේ
මූසිළුනි බලන් තරයේ
පවුරු දොර ඉකුත් මානේ
ඇඳුරිඳුට කිම්ද සරණේ
“වියපත්ව ඇතේ වීණා
අත් දඬුද ගතද මනසා
දැන් නැතේ එකල් සේනා
මම් කාට වයම් වීණා”
මතු මතුත් ශිල්ප වඩනා
මූලිළුනට පතම් සැපතා
හිතට ලැබ සිතන් මෙලෙසා
හිණි මඟට පයින් නොගසා
සටහන - එක්තරා මංගල උත්සවයකට පැමිණි ඉහළ පෙළේ නිලධාරියෙකු, තමන් දෙසට එන සිය අතීත ගුරුවරයෙකු දැක, ඕල්ඩ් මෑන් වාත කේස් එකක් යැයි කියමින් ලිස්සා ගියේය.
No comments:
Post a Comment