වටේටම හිස පොවන කටු පඳුරු මැද්දේ
බොහොර දිය ඇස නොගැට
කාශව ගිය රතු රෝස පඳුරේ
සාත්තුව නොලබාම පෙති හැලී රුව මැරී
නටු කැබැල්ලට පෙම් බඳින දේවී
දිය බිඳක් නොලබාම
ඉරිතැලූ වැව් පතුල් ළමැදේ
අව් කූටකේ දැවුණු
තිත්ත කූරියන් අතරේ
කොළ හැලී පොතු ගැලවි කණාටු වු
දර ඉපල්ලට පෙම් බඳින දේවී
ප්‍රේමයේ සුසානය මැද්දේ
දිරා ගිය සොහොන් කොත් සෙවනේ
වියළි පරඬැලා පත් අතරේ
රුහිරු මස් දියව ගිය
ඇටසැකිල්ලට පෙම් බඳින දේවී...
මේ කව දනවන්නේ පිකාසෝගේ සීතුවමක දැනවීමකි. දේවී යන වදන නොවෙන්නට මෙය වඩා සමීප වන්නේ බටහිර කවි ආකෘතියකට කියා මට හැඟෙන්නේ.
ReplyDelete