Friday, December 25, 2015

06 කිරි හොරු


යහ බොජුන් වැරී කිරි ශිරා මැරී
කළ හතක් කොහෙද නෑ කිරට පෙරී
විටමින්ද නොහී ලවණද නොලැබී
පපු පෙදෙස දැවී උල්පත් වියලී

දුටුවාද කියන් නුඹ කවුද සොරෙන්
කිරි බඳුන අරන් වන වැදුණු සොරුන්
පුතු සිඟිති මුවින් නඩු කියනු අසන්
සුදු කෙකින්නියේ දුටුවාද කියන්

සුදු ඇඳුමට සුදු පාට කොහෙන්
සුදු කෙකින්නියේ ගෙන ආ ද සොරෙන්
පුතු කිරි බඳුනේ කිරි බිඳු සිඳුනේ
සුදු කෙකින්නියේ ගෙන ආ ද සොරෙන්

( මෙම කවිය පසු කලෙක ඉතා සුළු වෙනස් කම් සහිතව නවරත්න ගමගේ ගේ සංගීතයෙන් ගීතවත්ව ප්‍රදීපා ධර්මදාස ගේ හඬින් ගැයුනි.)




2 comments:

  1. සමාජ ක්‍රමය ඉතා සාහිත්‍යානුරූපීව විවේචනයට උපහාසයට ලක් කිරීම නන් විධ වූ සාහිත්‍ය කලා මාධ්‍යන් තුළ අපි දකිමු. සමාජයේ ගර්හාවට ලක්විය යුතු දේ වැඩිවත්ම විරෝධාකල්ප සාහිත්‍යන් කලාවන්ද වැඩි වැඩියෙන් බිහිවේ යැයි සිතිය හැක.
    නන්දා මාලිනියගේ සත්‍යයේ ගීතය ප්‍රසංගයම එවන් විරෝධාකල්ප ගී වලින් යුතුවිය. ඒ එවන් සමයකි. අද එවන් විරෝධාකල්ප ගී බිහිවන්නේ නැති තරම්ය.

    ReplyDelete
  2. මේ එම ගීයේ යූ නලය වෙත දිගුව. අසන්නට රිසි අයෙකුට ඇසුමට.https://www.youtube.com/watch?v=Jd29v38zpK4

    ReplyDelete